• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-08 | 2:07 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

අගමැති ප්‍රධානත්වයෙන් නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමයක්

2021-01-08 ‍| 5:15 pm
අගමැති ප්‍රධානත්වයෙන් නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමයක්
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය හඳුන්වාදීම අද (08) දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.නව රක්ෂණ ක්‍රමය හඳුන්වා දෙමින් ගරු අග්‍රාමාත්‍යතුමා මහා සංඝරත්නයට රක්ෂණ සහතික පත් පිළිගැන්වීය.

සංඝයා වහන්සේලාගේ මව, පියා, සහෝදර සහෝදරියන් රජයේ රෝහලක හෝ පෞද්ගලික රෝහලක රෝහල්ගත වීමකදී දිනකට රුපියල් 1000 බැඟින් රු.15000 ක උපරිමයක් සහ රෝහල්ගතව සිදු කරනු ලබන වෛද්‍ය පරීක්ෂණයකදී හෝ ඖෂධ සඳහා රුපියල් 25000 ක උපරිමයක් දක්වා ගෙවීම මෙම රක්ෂණ ක්‍රමයට අයත්ය.

රුපියල් 2000 ක මුදලක් පමණක් මේ සඳහා වාර්ෂිකව ගෙවිය යුතු අතර, එය පුණ්‍ය කටයුත්තකදී සැදැහැවතුන්ට පූජා කිරීමේ හැකියාව ඇත. මෙම රක්ෂණ අවස්ථාව ඉදිරියේදී අන්‍යාගමික පූජකතුමන්ලා වෙනුවෙන් ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද මෙහිදී අවධාරණය විය.

එමෙන්ම සසුනට දරුවන් පූජා කළ, නිවසක් නොමැති දෙමාපියන් සඳහා නිවසක් ලබා දීමේ “ මිහිඳු නිවාස” යෝජනා ක්‍රමයට නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා මේ වන විටත් මුදල් වෙන් කර ඇති බව ප්‍රකාශ කළ කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය දිවියාගහ යසස්සී නාහිමියෝ බුද්ධශාසනය වෙනුවෙන් ඉටුකරන මෙම සේවාව පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමාට ප්‍රණාමය පුද කළහ.

ඉඩමක් හිමි එහෙත් නිවසක් ඉදි කර ගැනීමට නොහැකි සංඝයා වහන්සේලාගේ දෙමාපියන් වෙනුවෙන් එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 06 බැඟින් නිවාස 2000 ඉදි කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මේවනවිටත් මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය දිවියාගහ යසස්සී නාහිමි, නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති අති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි, කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, විද්‍යෝදය මහා පරිවේණාධිපති බලංගොඩ සෝභිත නාහිමි, මහාචාර්ය ඉදුරාගානේ ධම්මරතන නාහිමි ඇතුලු මහා සංඝ රත්නය වැඩම කළ වදාළහ.

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, බුද්ධශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරිප්පෙරුම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ජගත් වැල්ලවත්ත ඇතුලු මහත්වරු රැසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

 

ShareTweetSendShare

Related Posts

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර
Local

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

2021-03-08
2
මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට
Local

මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට

2021-03-08
4
මහනුවර නගර සීමාවේ සියලු පාසල් හෙට සිට වසා දැමේ
Local

බස්නාහිර පළාතේ පාසල් තවදුරටත් වැසේ

2021-03-08
9
විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි
Local

ගෙවුණු පැය 24 ක කාලය තුළ ගුවන් මගීන් 757 දෙනෙකු දිවයිනට

2021-03-08
2
පාඨලී හෙළ උරුමයෙන් ඉවත් වෙයි
Local

පාඨලීගේ නඩුවට දින නියම වෙයි

2021-03-08
3
සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්
Local

සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

2021-03-08
4
Next Post
මා හට මෙවැනි උපන්දින සැමරුමක් ලබා දුන් විශ්වයට සහ ඔබ සැමට ස්තූතියි – බිපාෂා බාසු

මා හට මෙවැනි උපන්දින සැමරුමක් ලබා දුන් විශ්වයට සහ ඔබ සැමට ස්තූතියි - බිපාෂා බාසු

වසරේ හොදම සේවා සපයන බැංකුව ලංකා බැංකුව

වසරේ හොදම සේවා සපයන බැංකුව ලංකා බැංකුව

Discussion about this post

MORE LOCAL NEWS

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

2021-03-08
0
2

අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ලිස්සා ගොස් ගසක හැපීමෙන්...

මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට

2021-03-08
0
4

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි යාත්‍රා 3ක් කේරළ මුහුදු...

මහනුවර නගර සීමාවේ සියලු පාසල් හෙට සිට වසා දැමේ

බස්නාහිර පළාතේ පාසල් තවදුරටත් වැසේ

2021-03-08
0
9

බස්නාහිර පළාතේ පාසල් හැර දිවයිනේ සෙසු පාසල් මේ මස 15 වනදා...

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි

ගෙවුණු පැය 24 ක කාලය තුළ ගුවන් මගීන් 757 දෙනෙකු දිවයිනට

2021-03-08
0
2

අද උදෑසන 8.30න් අවසන් වු පැය 24 ක කාලය තුළ ගුවන්...

පාඨලී හෙළ උරුමයෙන් ඉවත් වෙයි

පාඨලීගේ නඩුවට දින නියම වෙයි

2021-03-08
0
3

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී...

Sports News

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
4
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk