• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-06 | 11:15 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

අගමැතිගේ මැදිහත්වීමෙන් දේශීය සිනමාව රැකගැනීම උදෙසා දෙවසරක වැඩපිළිවෙළක්

2021-01-09 ‍| 3:06 pm
අගමැතිගේ මැදිහත්වීමෙන් දේශීය සිනමාව රැකගැනීම උදෙසා දෙවසරක වැඩපිළිවෙළක්
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ්-19 හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැක ගැනීම උදෙසා රාජ්‍ය මැදිහත්වීමෙන් දෙවසරක කාලයකට සහන ලබා දීමට අදාළ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(08) අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා.

සිනමා කර්මාන්තයේ නියැළි වෘත්තිකයන්ගේ සංගම් හා සංවිධාන ආශ්‍රිත ගැටලු සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා තිබිණි. චිත්‍රපට නිෂ්පාද සංසදය, ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය හා සිනමාශාලා හිමියන්ගේ සංගමය මෙම හමුවට එක්ව සිටියා.

කොවිඩ් -19 අර්බුදය හමුවේ සිනමා කර්මාන්තය ඉතා අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් සහ සිනමාශාලා හිමියන් මෙම හමුවේදී අග්‍රාමාත්‍යතුමාට පැහැදිලි කළා.

එහිදී 2021-2023 ජන ආකර්ෂණීය චිත්‍රපට 25ක් ප්‍රදර්ශනය කිරීම හා මෙම අභියෝගාත්මක කාලයේ දේශීය සිනමා කර්මාන්තය නඟා සිටුවීමට අදාළ ප්‍රායෝගික වැඩපිළිවෙළ මෙන්ම සිනමා ශාලාවල වර්තමාන තත්ත්වයත් අග්‍රාමාත්‍යතුමාට ඉදිරිපත් කළ අතර,සිනමා ශාලා හිමියන්ගේ විදුලි ගාස්තු ඒකක ගණනය කිරීමේ දී කර්මාන්ත ගණයට ගෙන එම අය කිරීම ඉදිරියට ගෙනයාම, විනෝද බද්ධ වසර දෙකක කාලයක් සඳහා සියයට 05 දක්වා අඩුකිරීම, බෙදාහැරීමේ ගාස්තු අහෝසි කිරීම හෝ අවම කිරීම, මේ සම්බන්ධ තීන්දු ගැනීම විශේෂ කමිටුවක් යටතට පත්කිරීම, සිනමා පට නිෂ්පාදනය සඳහා සියයට 4 හෝ 6 පොලී අනුපාතයට රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගැනීම, සහනදායී ලෙස රාජ්‍ය හා සියලු මාධ්‍යවල ප්‍රචාරක වැඩපිළිවෙළක් ඇති කිරීමට මෙම හමුවේදී අවධානය යොමු ව තිබෙනවා.

මෙම යෝජනාවලට අදාළ තීන්දු ගැනීම සඳහා එක් එක් ආයතන හා අංශ වෙත යොමුවී සාකච්ඡා කරන ලෙස අග්‍රාමාත්‍යතුමා මෙහිදී දැනුම් දුන්නා.

ඒ අනුව අදාළ ආයතන හා අංශ දැනුවත් කරමින් ඉදිරියේදී මෙම සහන ක්‍රියාත්මක කිරීමට අදාළ අවසන් තීන්දුවලට එළැඹීමට නියමිතයි.

බන්දුල ගුණවර්ධන මහතා චිත්‍රපට නිෂ්පාදකයෙකු ලෙසත්, අමාත්‍ය සරත් වීරසේකර මහතා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙසත් මෙම අවස්ථාව සඳහා සහභාගීවීම විශේෂත්වයක්.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් සහ දේශීය සිනමා ශිල්පීන්ගේ සංගමයේ සභාපති රොහාන් වැලිවිට, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස ඇතුළු චිත්‍රපට සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලය, ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක, ශ්‍රී ලංකා සිනමා ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපති අනුරාධ බී රැකව, ශ්‍රී ලංකා සිනමා නිෂ්පාදකයන්ගේ සංසදයේ සභාපති රසිත ජිනසේන ඇතුළු ඒ ඒ සංගම් නියෝජනය කරමින් කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

ShareTweetSendShare

Related Posts

කොවිඩ් මළ සිරුරු 14ක් කොළඹ මෘත ශරීරාගාරයේ – සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයක
Local

තවත් කොරෝනා මරණ 4ක් – සමස්ත මරණ සංඛ්‍යාව 497ක් දක්වා ඉහළට

2021-03-06
5
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

තවත් ආසාදිතයින් 190 දෙනෙකු හඳුනාගැනේ

2021-03-06
4
දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්
Local

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

2021-03-06
3
තවත් 807කට සුවය
Local

තවත් 448 දෙනෙකුට පුර්ණ සුවය

2021-03-06
4
පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි
Local

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

2021-03-06
4
කසළ තේ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
Local

කසල තේ තොගයක් සමඟ පුද්ගලයන් 04 දෙනෙකු පොලිස් භාරයට

2021-03-06
3
Next Post
තවත් කොරෝනා ආසාදිතයන් 227 දෙනෙකුට පූර්ණ සුවය

තවත් ආස්දිතයින් 521කට සුවය

ETI හිටපු අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිගෙන් CIDයට නියෝග

ETI හිටපු අධ්‍යක්ෂවරුන් ලබන 12 වනදා තෙක් රිමාන්ඩ්

Discussion about this post

MORE LOCAL NEWS

කොවිඩ් මළ සිරුරු 14ක් කොළඹ මෘත ශරීරාගාරයේ – සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයක

තවත් කොරෝනා මරණ 4ක් – සමස්ත මරණ සංඛ්‍යාව 497ක් දක්වා ඉහළට

2021-03-06
0
5

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 4ක් වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය අංශ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් ආසාදිතයින් 190 දෙනෙකු හඳුනාගැනේ

2021-03-06
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 190 දෙනෙකු අද (06) දිනයේ අලුතින්...

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

2021-03-06
0
3

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ දකුණු පයාගල දුම්රිය ස්ථානය අසල දුම්රිය...

තවත් 807කට සුවය

තවත් 448 දෙනෙකුට පුර්ණ සුවය

2021-03-06
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 448 දෙනෙකු අද...

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

2021-03-06
0
4

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී...

Sports News

දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
18
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
7
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
10
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
12
සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

2021-03-05
3
සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

2021-03-05
5
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk