අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායනයේ සේවයේ නියුක්ත හෙද කාන්තාවකට සහ රෝහල් කාර්ය සහායකවරයකුට කොරෝනා වෛයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
ඒ බව අනාවරණ වී ඇත්තේ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන්හට අහඹු ලෙස සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයන්හි වාර්තාවන් ඊයේ දින ලැබීමත් සමගින්.
ඒ අනුව වාට්ටු අංක 15 හි සේවයේ නියුක්තව සිටි මෙම සේවකයින් දෙදෙනා මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
එසේම එම වාට්ටුවේ මෙම ආසාදිතයන් දෙදෙනා සමගින් සේවය කළ අනෙකුත් ආශ්‍රීතයන් හඳුනාගැනීම මේ වනවිටත් සෞඛ්‍ය අංශ අරඹා තිබෙනවා.
සෞඛ්‍ය අංශ දැඩි අවධානය යොමු කර ඇත්තේ රෝහල තුළට කොරෝනා වෛරසය පැමිණි ආකාරය සහ කුමන පුද්ගලයෙක් හරහා පැමිණියේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමටයි.
එසේම මේ වන විට රෝහල තුළ කොපමණ පිරිසකට වෛරසය ව්‍යාප්ත වී ඇත්ද යන්න සම්බන්ධයෙන්ද සෞඛ්‍ය අවධානය යොමු කර ඒ සම්බන්ධයෙන් හෙළිකර ගැනීමට කටයුතු කරමින් සිටින බවටයි වාර්තා වන්නේ.
Discussion about this post